සියනෑ කෝරලේ බබළන මිණි පහන යන නමින් ගෞරව මානයට පාත්‍ර වූ සියලු පහසුකම් සහිත අනූන සුන්දර පරිසරයක පිහිටි වේයන්ගොඩ බණ්ඩාරනායක මාතාව ගුණ නුවණින් සපිරි රටට දැයට වැඩක් ඇති පුරවැසියන් සිය ගණනක් බිහි කරන ලද කීර්තිමත් පාසලකි. හය වසරේ සිට 13 වසර දක්වා අඛණ්ඩව ඉගෙනුම ලබාදෙන පාසල් අතර විශිෂ්ට පාසලක් වන අප පාසල ක්‍රීඩා අතරින්ද විශිෂ්ට සමත්කම් රැසක් ලබාගෙන ඇති පාසල් මාතාවකි.
ස්ව ශක්තියෙන් නැගී සිටිය හැකි, විසි එක්වන සියවසේ කුසලතාවලින් සන්නද්ධ දූ පුතුන් රටට දායාද කරන ශ්‍රී ලාංකේය මධ්‍ය විද්‍යාල ආදර්ශය
ශ්‍රී ලංකාව සංවර්ධිත දේශයක් බවට පත් කිරීමට උරදිය හැකි විසි එක්වන සියවසේ කුසලතා සපිරි මානව ප්‍රාග්ධනය නිර්මාණය කිරීමේ අභිලාෂ පෙරදැරිව පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය බලගැන්වීම හා සිසුන්ට අවස්ථා සැලසීම සඳහා සහභාගිත්ව නායකත්වය ලබාදෙමින් ඉගෙනුම් පහසුකම් සංවර්ධනය කිරීම