පුරා එකසිය තිස් තුන් වසරක් හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවති ඒ අදුරු යුගයේ දී මෙරට ජන සමාජයේ නිර්මාණය වූයේ විසල් පන්ති බේදයකි.මිෂනාරි අධ්‍යාපනයේ විෂම ප්‍රතිපත්තීන් හා ඉංග්‍රීසි භාෂාවට ලැබුණු රාජකීය අනුග්‍රහය ඒ පසුගාමී සමාජයීය වර්ගීකරණය නිර්මාණය කිරීමෙහි ලා සමත් විය.
එසේ කලක් යටත් විජිතයක්ව පාලනය වූ ලංකාව නිදහස ලබන්නට ඉතා ආසන්නව තිබිය දී අධ්‍යාපන ක්ෂ්‍රේත්‍රයේ විසල් පෙරළියක් සිදු වූයේ ය. එය ඓතිහාසික වුත්, මතුවට කිසිදා සිදු විය හැකි යැයි අපේක්ෂා කළ නොහැකි වුත් මහා විපර්යාසයකි. “සර්වජනනීය නිදහස් අධ්‍යාපන ක්‍රමය” මේ රටේ ප්‍රතිස්ථාපනය කිරීම වර්ෂ 1945 දී සිදු වූ ඒ ස්වර්ණමය යුග පරිවර්තනයයි. මුදල් අය කර ලබා දුන් උසස් අධ්‍යාපන ක්‍රමය වෙනුවට බාලාංශයේ සිට විශ්ව විද්‍යාල දක්වා ම නොමිලේ ඉගැන්වීමේ ක්‍රමවේදයක් සර්වජනනීය නිදහස් අධ්‍යාපන ක්‍රමය හරහා ආරම්භ විය. මෙයට අමතරව මවු බසින් ඉගැන්වීම නිසා ධනේෂ්වර පන්තියට මෙන් ම දිළින්දන්ට ද උස් පහත් භේදයකින් තොරව උසස් අධ්‍යාපනය ලබන්නට භාග්‍ය උදා විය. මේ නිසා කෙතරම් දස්කම් ඇතිව ඉපදුන ද, දිළිඳු පවුලත උරුමක්තාත්තාරයෙකු වීමේ වරදින් තම දස්කම් ලොවට විදහා පෑමට නොහැකිව දිළින්දෙන් ලෙසින් ම ජීවිතය අවසන් කර දැමුනු සමාජ රටාව උඩු යටිකුරු වී ගියේය. ස්වභාෂාවෙන් කරනු ලැබූ මේ උසස් අධ්‍යාපනය දීප ව්‍යාප්තව පැතිර යාම නිසා දකුණුදිග ආසියාවේ හා අග්නිදිග ආසියාවේ අන් කිසිදු අති රටක නොවූවිරූ අධ්‍යාපන ප්‍රබෝධයත් මෙරටේ ඇති විය. ඊට ස්වර්ණමය මාවත විවර කළේ අන් කවරෙකුත් නොව ඉගෙනීම උදෙසා ශිෂ්‍යත්වයක් නොලබන්නට ඇමතිකමත් තබා ලිපිකරු තනතුරක්වත් ලබන්නට තමන්ට හැකියාව නොලැබෙන වග අත්දැකීමෙන් ම සපත කර ගත් සිසුවෙකු ව සිට, පසුව නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලිය ලද ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් තන්තගර නොහොත් සී.ඩබ්.ඩබ්. කන්නංගර මැතිඳුන් ම වෙති.
සිය සංකල්පයක් වු නිදහස් අධ්‍යාපනයේ නියම ප්‍රතිඵල රටට බෙදාදීම උදෙසා සී.ඩබ්.ඩබ්. කන්නංගර මැතිඳුන් විසින් දිවයින පුරා මධ්‍ය විද්‍යාල 54 ක් නිර්මාණය කරන ලදී. මුලින් ම ඇතිකළ මධ්‍ය විද්‍යාල තුන අතරින් එකක් ලෙස, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය යන නාමය, අතුරම්බොඩ හා වීරකැටිය මධ්‍ය විද්‍යාල සමඟ මෙරට අධ්‍යාපන වංශ කතාව තුළ රන් අතුරින් සටහන් ව ඇත.
වේයන්ගොඩ නගර මධ්‍යයේ වත්මන් ජනාධිපති විද්‍යාලය පවතින භුමියේ එදා පැවති ස්වභාෂා පාසල 1941 ජනවාරි 06 වෙනිදා වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලය බවට පත් වුයේ ඉංග්‍රීසි පාඨශාලාව සහ පත්තලගෙදර පාඨශාලාව ද ඊට ඒකාබද්ධ කර ගනිමිනි. සිසුන් 130 දෙනෙකුගෙන් හා ගුරු භවතුන් 13 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම විදුහලේ ආරම්භක විදුහල්පතිවරයා වූයේ එස්. සමරසිංහ මහතාය. එසේ ඇරැඹුණු වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලය අත්හදා බැලීමේ කාලසීමාවකින් පපුව, 1944 වසරේ දී එනම් එස්. ඩී එස්. පිරිවර්ධන මහතා විදුහල්පතිත්වය දරන සමයේ දී මධ්‍ය විද්‍යාලයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. ඉන් අනතුරුව 1945 ජනවාරි 05 වෙනිදා වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයේ ප්‍රායෝගික පාසලක් ද ආරම්භ කෙරුණු අතර 1916 ජනවාරි 07 වෙනිදා එය ද වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයට ම අනුබද්ධ කරන්නට කටයුතු කෙරිණි.
1946 මැයි 06 වෙනිදා එවකට එච්. එස්. සී නමින් හැදින්වුණු උසස් පෙළ පන්ති ආරම්භ කරන ලදී. 1946 වන විට සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 1000 ඉක්මවා ගියේය. ඊට සම්භාමීව මුළු රට තුළම වු පාසල්වල ඉඩකඩ මදිවීම හේතුවෙන් “ඉඩකඩ සම්බන්ධයෙන් දු අතිවන දුෂ්කරතා මහහරවා ගනීම පිණිස එකම පාසල පාසැල් දෙකක් මෙන් වෙනස් වූ වේලා වලදී පාසල පැවැත්විය හැකිය.” යනුවෙන් 1976 දී අමාත්‍යාංශය පාසල්වලට නියෝගයක් නිකුත් කළේය. ඒ නියෝගය ප්‍රහාරව 1946 ජනවාරි 11 වෙනිදා සිට වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලය දෙවරු පාසලක් බවට පත්විය. පෙරවරු 9.45 සිට පස්වරු 12.30 දක්වාත් පස්වරු 2.30 සිට පස්වරු 4.45 දක්වාත් එම දෙවරුවේ පාසල පැවත්විණ.
1947 දී විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් ව සිසුන් 4 දෙනෙක් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීම නිසා, මධ්‍ය විද්‍යාලයකින් විශ්ව විද්‍යාලයකට ප්‍රථම වතාවට සිසුන් ඇතුළත් කිරීමේ ගෞරවය වේයන්ගොඩ බණ්ඩාරනායක විදු මැණියන් සතු කර ගත්තාය.
1976 වර්ෂය වන විට වාර්ෂිකව විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන විද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පැවතුනු අතර අද වන විට ශ්‍රී ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම සෑම පීඨයකම විය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ආදි සිසුන් අවම වශයෙන් එක් අයෙකු හෝ අධ්‍යාපනය ලබමින් සිටම විද්‍යාලයට වරින්වර කාලානුරූපව වැඩිදියුණු කෙරිණි. 1946 දී රජයට පවරා ගන්නා ලද මාළිගාතැන්න වත්තේ අක්කර 28 ක රමණීය වූ භූමිය තුළ, මධ්‍ය විද්‍යාල සදහා ම හඳුන්වා දුන් ආකෘතියකට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පයට සමානකම් ඇතිව විද්‍යාලිය ගොඩනැගිලි සංකීර්ණය රජයේ වැඩ දෙපාර්තමේන්තුව හරහා ඉදි විය.
1951 සැප්තැම්බර් 3 වනදා වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයට සුවිශේෂී දිනයකි. ඒ වේයන්ගොඩ නගර මධ්‍යයෙන් මෑත්ව මාලිගාතැන්න වත්තේ රමණීය පරිසරය තුළ ස්ථාපනය වූ වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිලි සංකීර්ණය අගමැති මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, අධ්‍යාපන ඇමති සී. බී. නුගවෙල යන මහතුන් අතින් උත්සවාකාරයෙන් විවෘත වීම නිසාවෙනි. එවකට ඩී. එස්. කලුගම්පිටිය මහතා විදුහල්පති ලෙස කටයුතු කළ අතර, වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලය ඒ වන විටත් ඉමහත් ප්‍රසිද්ධියට පත් පාසලත් බවට පත්ව තිබුණේය.
1964 ඔක්තෝබර් 15 වෙනිදා නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට පැමිණි එවකට අධ්‍යාපන අමාත්‍ය ධූරය හෙබ වූ පී. බී. ජී. කළුගල්ල මහතා විද්‍යාලයීය ලොග් පොතෙහි තබා ඇති සටහනක "මේ පාසල ආරම්භයේ සිට ම මේ පාසල කෙරෙහි දක්වූ උනන්දුව වෙනුවෙන්, දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට කරනු ලබන උපහාරයක් වශයෙන් මේ විද්‍යාලය අද සිට බණ්ඩාරනායක විද්‍යාලය යැයි නම් කළ යුතු බව මීරිගම මන්ත්‍රී විජයබාහු රණසිංහ මහතා විසින් කරනු ලැබූ යෝජනාව කේ.කණ්ඩලම විනිශ්චකාරතුමා විසින් ස්ථිර කරනු ලදුව ඒක ජන්දයෙන් සභා සම්මත විය. ඊට ගේ පුර්ණ එකඟතාවය ප්‍රකාශ කරමි." යනුවෙන් සඳහන් කිරීමත් සමඟම වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය බවට පත් විය.
1996 නොවැම්බර් 16 වන දින චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් පාසල තුළ පැවති උත්සවයකදී මෙය ජාතික පාසලක් බවට පත් කරන ලද බව ප්‍රකාශ කෙරුණු අතර එවකට විහල්පති ලෙස කටයුතු කළේ එම්. පී. අල්විස් මහතාය.
දිවයිනේ පිහිටවූ මුල්ම මධ්‍ය විද්‍යාල 54 ට, මධ්‍ය මහා විද්‍යාල යන නාමය වෙනුවට මධ්‍ය විද්‍යාල යනුවෙන් භාවිත කිරීමට 2004 දී අමාත්‍යංශ අනුමැතිය ලැබුණු හෙයින් එතැන් පටන් මේ දක්වා මේ විද්‍යාලය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය යන නාමයෙන් හැඳින්වෙනු ලැබෙයි.
ක්‍රීඩා අංශයෙන් ද මේ විද්‍යාලය ඉමහත් ප්‍රසිද්ධියක් දරයි. විද්‍යාලය ආරම්භ වූ 1941 පාඨගාලාන්තර බොක්සිං තරගාවලියේ ශූරතාවය ද, ජේ. පී. ඔබේසේකර පලිහ ද දිනා ගන්නා ලදී. 1950 දශකයේ දී ආරම්භ කළ පාඨාගාලාන්තර මලලව පොර තරගාවලියේ දී අඛණ්ඩව සත් වසරක් දිවයිනේ සියලුම පාසල් අභිබවා එක දිගට ජාතික ශූරතාවය දිනා නොබිඳුණු වාර්තාවකට හිමිකම් කියන්නට ද විදුහල සමත් විය. විද්‍යාලීය ශිෂ්‍ය භට කණ්ඩායම් ශූරතාවලියේ දී ප්‍රථම වරට කනිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ කණ්ඩායම් ශූරතා දෙකම එකවර දිනා ගත් පාසල බවට ද මේ විද්‍යාලය ඉතිහාස ගතව ඇත.
මේ විද්‍යාලයෙන් බිහි වූ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව ද කීර්තිමත් භාවයට පත්ව සිටි.ලොව ප්‍රථම පුරාවිද්‍යා උපාධිධාරියාගේ පටන් සෑම ක්ෂේත්‍රයකම වාර්තා තැබූ විශිෂ්ටයන් රාශියක් ලොවට දායාද කිරීමට මැදි විදුහල් මාතාව සමත්ව සිටීම අපට මහත් ආඩම්භරයකි. ඒ අතර විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, ආරක්ෂක ලේකම්වරුන්,අමාත්‍යංශ ලේකම්වරුන්, රජයේ ආයතන ප්‍රධානීන්. ජාතික තලයේ කලාකරුවන් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරිහු ද වෙති.
ශ්‍රී ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතායි. අද වන විට 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් 3270ක් පමණ අධ්‍යාපනය ලබන අතර 175 දෙනෙකුගෙන් යුත් අධ්‍යයන කාර්ය මණ්ඩලයක් ඉගැන්වීමේ ක්‍රියාවලියේ නිරතව සිටිති.
පාසලේ මුලින් පන්ති කාමර 20 ක් සහ නේවාසිකාගාර දෙකක්, ගැහැණු ළමයින් සඳහා එකක් සහ පිරිමි ළමයින් සඳහා එකක් සහ ගෘහ විද්‍යාව සහ වෘත්තීය පුහුණුව සඳහා ගොඩනැගිලි දෙකක් තිබුණි. දැන් විද්‍යාලයේ පන්ති කාමර 51ක්, කෘෂිකර්ම ඒකකයක්, පරිගණක සම්පත් මධ්‍යස්ථානයක් සහ පරිගණක විද්‍යාගාරයක් ඇත.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් හෝ අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් ඉහළම ප්‍රතිඵල සහිතව සමත් වන සෑම සිසුවෙක්ම පාහේ විද්‍යාලයට ඇතුළත් වනු ලබයි.
Watch this Official video Of Our school history on You Tube;
https://youtu.be/XCpVFcQyENc?si=Z-_gvbLs-dgKaZxs
ආරම්භ කළ වර්ෂය |
- |
1941 ජනවාරි 06 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
- |
13 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
- |
130 |
පාසලේ නිර්මාතෘගේ නම |
- |
සී.ඩබ්.ඩබ්. කන්නංගර මැතිඳුන් |
මුල් විදුහල්පති තුමාගේ නම |
- |
එස්. සමරසිංහ මහතා |
පාසලේ නම |
- |
බණ්ඩාරනායක මධ්‍ය විද්යාලයවේයන්ගොඩ |