විදුහල්පති පණිවිඩය
ඩී.එච්.එස්.ඩී.සෝමරත්න
නිදහස් අධ්‍යාපනයේ පියාණන්ගේ සංකල්පයකට අනුව මෙරට බිහිවූ මධ්‍ය විද්‍යාලයන්හි මුල්ම මධ්‍ය විද්‍යාල තුනට අයත් වන වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය දිවයිනේ සුවහසක් දක්ෂ සිසු සිසුවියන්ට අධ්‍යාපනය හරහා විශිෂ්ට මං පෙත් විවර කර දීමට සමත් වූ ප්රමුඛ හා ජනප්‍රිය අධ්‍යාපන ආයතනයකි. තරමක් සාම්ප්‍රදායික වූ අධ්‍යාපන ක්‍රමයෙන් රාමුගත පිළිවෙත් බිඳ දමමින් ඉදිරියට යන සිසු පරපුරක් නිර්මාණය කිරීම වස් අප පාසල නව දැක්මකින් යුතුව දිශානුගත කරන කර්තවයේ තොරතුරු ලබාගැනීම, පවත්වා ගැනීම, විශ්ලේශනය කිරීම, බෙදා හැරීම හා ඒ්වා ඵලදායී ලෙස භාවිතය සඳහා ඉතා වැදගත් වන මෙවලමක් වශයෙන් මෙම වෙබ් අඩවිය හඳුන්වා දිය හැකිය. පාසල තුළින් සිසුන්ගේ දෑස් විශ්වය වෙත යොමු කිරීමට මෙම වෙබ් අඩවිය කවුළුවක් වනවා සේම පාසලෙහි පරිපාලනමය වශයෙන් ද ඉතා අත්‍යාවශ්‍ය අංගයක් බව සඳහන් කළ හැකිය.අප අපේක්ෂා කරන්නේ සිසුන්ට දැනුම පදනම් කරගත් අධ්‍යාපනයක් පමණක් ලබා දීම නොව වටිනා ජීවන ආකල්ප හා නව ලොවට ගැලපෙන කුසලතාවලින් සන්නද්ධ වීමට හැකිවන අවස්ථා උපරිම මට්ටමින් සපයා දීමයි. ඒ් වෙනුවෙන් ගුරුභවතුන් ද කුසලතාවලින් පරිපූර්ණ විය යුතු වේ. ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීම අපට ඇති ප්‍රධාන වගකීමක් වේ. නව ඩිජිටල් මාධ්‍යකරණය සමඟ පාසල් සිසුන් වෙලාගනිමින් පවතින නිසරු සමාජ මාධ්‍ය අයිතම හරහා ඔවුන්ගේ ජීවිතවලට වන හානිය වලක්වා ගැනීම අප ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය වන අතර ඒ වෙනුවෙන් මෙම පාසල් වෙබ් අඩවියට ඇති වගකීම තිරණාත්මකය.
ඩී.එච්.එස්.ඩී.සෝමරත්න
විදුහල්පති
බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය, වේයන්ගොඩ.