පසුගියදා ජපානයේ ටෝකියෝ අගනුවර පැවැත්වුණු 4 වන ලෝක ළමා සාම සමුළුව ( 4 th childrens' world peace summit 2023 ) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන R.කශ්මිරා ජයවීර ශිෂ්‍යාව එම සමුළුවේ දී Most Peaceful Speech Award Winner සම්මානය ට පාත්‍ර වී ඇති බවට අප ඔබට දන්වන්නේ ඉමහත් සතුටිනි.
ඇය මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම ට තේරීපත් වූයේ ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය, කෙන්යාව,ප්‍රංශය,පකිස්තානය,නේපාලය , කොංගෝ රාජ්‍යය , ජර්මනිය , ඉන්දියාව , බ්‍රසීලය , ඉන්දුනීසියාව , ඕස්ට්‍රේලියාව යන රටවල අයදුම්කරුවන් අතරින් තේරී පත් වීමෙන් වීම ඇගේ මෙම ජයග්‍රහණය ට ඉමහත් වටිනාකමක් ගෙන දෙන්නකි. විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකාවක් මෙන්ම නිවේදිකාවක් ද වන ආර්. කශ්මිරා ජයවීර ශිෂ්‍යාව වෙත බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය ලෙස අප හෘදයාංගම සුභ පැතුම් එක් කරන අතර ඇය ගේ ඉදිරි සියලු ම කටයුතු වලට ද අප සුභ පැතුම් එක් කරන්නෙමු.