බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය,වේයන්ගොඩ

BEIZAS - 2024

1.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

2024 බලඇණි ඇගයීම් කඳවුරේ දී ප්‍රථම ස්ථානය ලබා ගැනීමට බාලිකා ශිෂ්‍යභට කණ්ඩය සමත් විය.

කුමාරතුංග මුණිදාස සිසු වරම ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා අප විද්‍යාලයේ සිසුවියක් සුදුසුකම් ලබා ඇත.

මුනිදාස කුමාරතුංග 137 වන උපත් සමරුව වෙනුවෙන් සිදුකරනු ලබන කුමාරතුංග මුණිදාස සිසු වරම ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා 2022 වසරේ අ.පො.ස.සාමාන්‍ය පෙල විභාගයෙන් සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයයට ඉහළම ලකුණු ලැබූ සිසුන්  11 දෙනෙක් තේරී පත්ව තිබුණි. එම ශිෂ්‍යත්වය සඳහා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ සිසුවියක වන සචේතනා සෙව්මිණි රණසිංහ ද සුදුසුකම් ලබා තිබුණි.

කාශ්මීරා ජයවීර ශිෂ්‍යාව සිය දේශනය සඳහා ලෝක සාම සමුළුවේ දී Most Peaceful Speech Award Winner සම්මානය දිනා ගෙන ඇත.

පසුගියදා ජපානයේ ටෝකියෝ අගනුවර පැවැත්වුණු 4 වන ලෝක ළමා සාම සමුළුව ( 4 th childrens' world peace summit 2023 ) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන R.කශ්මිරා ජයවීර ශිෂ්‍යාව එම සමුළුවේ දී Most Peaceful Speech Award Winner සම්මානය ට පාත්‍ර වී ඇති බවට අප ඔබට දන්වන්නේ ඉමහත් සතුටිනි. 

ඇය මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම ට තේරීපත් වූයේ ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය, කෙන්යාව,ප්‍රංශය,පකිස්තානය,නේපාලය , කොංගෝ රාජ්‍යය , ජර්මනිය , ඉන්දියාව , බ්‍රසීලය , ඉන්දුනීසියාව , ඕස්ට්‍රේලියාව යන රටවල අයදුම්කරුවන් අතරින් තේරී පත් වීමෙන් වීම ඇගේ මෙම ජයග්‍රහණය ට ඉමහත් වටිනාකමක් ගෙන දෙන්නකි. විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකාවක් මෙන්ම නිවේදිකාවක් ද වන ආර්. කශ්මිරා ජයවීර ශිෂ්‍යාව වෙත බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය ලෙස අප හෘදයාංගම සුභ පැතුම් එක් කරන අතර ඇය ගේ ඉදිරි සියලු ම කටයුතු වලට ද අප සුභ පැතුම් එක් කරන්නෙමු.